IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කැබිතිගොල්ලෑවේ කුඹූරු අක්කර 3000ක් විනාශයි


                      
(රොමේෂ් මධුෂංඛ)

කැබිතිගොල්ලෑව කුංචුට්ටුව කෝරලේ ප්‍රදේශයේ මෙවර මහකන්නයේ ගොවිතැන් කරන ලද ගොවීන්ගේ කුඹුරු අක්කර 3,000 කට අධික ප්‍රමාණයක් ප්‍රමාණවත් ජලය හා පොහොර නොමැතිව විනාශ වී ඇති බවට  ගොවියෝ කියති.

වී අස්වැන්න විනාශ වී යාමත් සමඟ එලඹෙන අවුරුදු සමය හේතුවෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව මෙම ගොවීහු දැඩි සේ අසරණව සිටින අතරම එම ගොවීහු කියා සිටින්නේ විනාශ වී ගිය තමන්ගේ කුඹුරු වෙනුවෙන් ලබාදෙන රක්ෂණ මුදල එලඹෙන සිංහල අවුරුදු සමයට පෙර ලබා දීමට රජය පියවර ගත යුතු බවටයි.

විනාශ වී ගිය කුඹුරු වෙනුවෙන් රක්ෂණ මුදල් ලබා දෙන බවට ගොවි ජනසේවා නිලධාරීන් විසින් තොරතුරු රැගෙන ගියද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීමෙන් කැබිතිගොල්ලෑවේ ගොවීහු අමතක කොට ඇති බවටද එම ගොවීහු කියා සිටිති.

මෙවර මහකන්නයේ ගොවීහු ගොවිතැන් කරන ලද කඹුරු වෙනුවෙන් ප්‍රමාණවත් ඇල වේලී පිළිසකර නොකිරීම ඇල වේලී විධිමත්ව නොතිබීම හේතුවෙන් ජලය විශාල වශයෙන් අපතේ යාම මෙන්ම නිසි කලට වර්ෂාව නොලැබීමෙන් ගොයම් විනාශ වී යාම එක් හේතුවක් වශයෙන් කුංචුට්ටුව කෝරලේ ගොවීහු පෙන්වා දෙති.
 



අදහස් (0)

කැබිතිගොල්ලෑවේ කුඹූරු අක්කර 3000ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site