(ධම්මිකා බාලසූරිය)
කටුපොතල - වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කටුපොත ගල්වැව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් සිවු දෙනකු බරපතල ලබා ඇතැයි කටුපොත පොලිසිය පවසයි.
අපනයනය  සඳහා සකස් කරන ලද සුදුපොල්තෙල් තොගයක් රැඟත් කන්ටේනර් රථයක් සහ නාරම්මල නගරයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරනු ලබන සේවිකාවන් ප්‍රවාහනය කළ  වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ ඇඟලුම් සේවිකාවන් දස දෙනකු ගමන් කර ඇත. කාන්තාවන් සිවු දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන්  කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ තිදෙනකු වැඩිදුර  ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.