(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කාන්තාවන්ට විවාහ පොරොන්දු දී මුදල් වංචා කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ සොයමින් සිටි හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත
සැකකරු සති අන්ත පුවත්පත්වල පළවන මංගල යෝජනා වලට පිළිතුරු යවා කාන්තාවන් සමග හිතවත් වී විවාහ වන බවට පොරොන්දු දී මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි
ජැන්ඩියට ඇඳ පළඳින සැකකරු උසස් රැකියාවක නිරත වන පුද්ගලයකු බවට හඟවා කාන්තාවන් මුලාකොට ඇති සැකකරු මෙම වංචාව සිදුකර ඇත්තේ ඔහුගේ මව පිළිකා රෝගයකින් පෙළෙන බවත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හදිස්සියේ මුදල් අවශ්‍යතාවයක් මතුව ඇති බැවින් නැවත මුදල් ලබා දීමේ පොරොන්දුව මත යයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත
සැකකාර පුද්ගලයා එම කාන්තාවන් සමඟ සමීප සබඳතා පවා පවත්වා ඇති බව ප්‍රශ්න කිරිමේදී අනාවරණ නොවූ බව පොලිසිය කියයි
මොහුගේ වංචාවට හසුවී ඇති කාන්තාවන් පස්දෙනෙකු මීට වසර දෙකකට පමණ ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද පැමිණිලි අනුව සැකකරු සොයා ඔහු පදිංචිව සිටි බව කියන බදුල්ල හා හපුතලේ ප්‍රදේශ වලට ගිය ද සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරු වයස අවුරුදු 7ක දරුවෙක් සිටින පියෙක් වන හතරක් එම කාන්තාවගෙන් ද මේ වන විට දික්කසාද වී ඇතැයි පොලිසිය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාන්තාවන් රැවැටු අනංගයා පොලිස් දැලේ