(චන්ද්‍රසේන ගමගේ)
සිව් දෙනෙකු විසින් දූෂණය කර පසුව මුගුරකින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් අද (11) කතරගම බුත්තල මාර්ගයට ආසන්නව සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළ තිබියදී තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
පසු ගිය මාර්තු මස 03 වැනි දින හේ ඊට ආසන්න දිනයකදී මෙම කාන්තාව ඝාතනය කොට ඇතැයි පොලිසිය පවසයි.
දූෂණය කර පහරදී ඝාතනය කර තිබුණේ බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 වැනි වියේ පසු වූ ජයලන්ත මුදියන්සේලාගේ ශ්‍රියාණි ප්‍රේමලතා නම් සිව් දරු මවක් බව පොලීසිය කියයි.
සැකකටයුතු ලෙස කතරගම ප්‍රදේශයේ සැරිසරන පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබූ තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මිය ගිය කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනො විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර ගතව සිටින බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වු තොරතුරු අනුව මිය ගිය කාන්තාවගේ සිරුරු පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.
ඉකුත් මැර්තු මස 03 වැනි දින මිය ගිය කාන්තාව බිබිල ප්‍රදේශයේ සිටියදී ඇය සමඟ හිතවත් වී සැකකරුවන් ඇය මෝටර් රථයක නංවා ගෙන කතරගම දෙසට පැමිණ ඇති බවත් අනතුරුව සැකකරුවන් සෙල්ලකතරගම ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුළදී ඇය දූෂණය කොට පහර දී මරා දමා ඇති බවත් පොලීසිය පවසයි.
කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය පැළද සිටි රන් භාන්ඩ සියල්ලද ඝාතකයන් විසින් පැහැර ගෙන ගොස් තිබේ.
තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත්වරයාගේ හා හම්බන්තොට මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිටදී මරා දමන ලද කාන්තාවගේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබීය.
සැකකරුවන් අද (11) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කාන්තාවකගේ මළ සිරුරක් සෙල්ලකතරගම ළඳු කැලෑවක