(අංජුල නිශාන්ත)
අධික වර්ෂාවත් සමඟ (18) කිතුල්ගල මල්වත්ත මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ දී මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව කිතුල්ගල පොලිසිය පවසයි.
මේ තත්වය හේතුවෙන් දුනුකදෙනිය, තෙබුවත්ත, වැල්ගාල, අම්පාන, මැද්දවත්ත, පරත්තල, මල්වත්ත ප්‍රදේශවල පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇත.
කිතුල්ගල මල්වත්ත මාර්ගය මීට වසර කීපයකට පෙර කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර එහිදි විධිමත් ලෙස මාර්ගයේ පැති බැමි හා කාණු පද්ධතිය විධිමත් ලෙස ඉදි නොකිරීම මාර්ගය නායයෑමට හේතුව බව ගම්වැසියෝ චෝදනා කරති.
මේ පිළිබදව අදහස් දක්වන කිතුල්ගල මල්වත්ත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ ආර් සමරවීර මහතා මෙසේ කීය.
"මාර්ගය කොටසක් නායයෑම හේතුවෙන් දැනට කුඩා වාහන පමණක් ධාවනය කිරීමට හැකියාව තිබෙන අතර මෙම ස්ථානය ඉක්මණින් ප්‍රතිංස්කරණය නොකළහොත් මාර්ගයේ තවත් කොටසක් නායයෑමේ අවදානමක් පවතිනවා. එම නිසා බළධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මාර්ගයේ නාය යෑමට ලක් වූ කොටස කඩිනමින් සංවර්ධනය කරන ලෙසට."
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කිතුල්ගල මල්වත්ත මාර්ගයේ කොටසක් නාය යයි