(රොමේෂ් මධුෂංඛ)
මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට අද (10) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් විසින් නිවාස කිහිපයකට දැඩි හානි සිදුකර වී ඇතුළු වගා හානි රැසක් සිදු කර පලා ගිය බව ගම්වැසියෝ පවසති.
කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට ඇතුළු වූ වන අලි රංචුවක් විසින් පළමුව ප්‍රදේශයේ වගා හානි රැසක් සිදුකර ඇති අතර පසුව නිවාස වෙතට ද හානි සිදු කර පලා ගොස් තිබේ.
කුඩාහල්මිල්ලෑවේ පදිංචි ජේ.සමරසිංහ නැමති වැසියාගේ ගෙවත්තට ඇතුළු වූ වන අලි රංචුව විසින් ගෙවත්තේ තිබූ පොල් පැළ 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර ඇත.
නිවසේ බිත්තිය පෙරළා නිවස තුළ තිබූ වී මිටි කඩා වී ගෝනි බී පලා ගිය බවත් නිවැසියන් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පලා ගිය බවද ඔහු පැවසීය.
මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී වනජීවී නිලධාරීන් දැනුවත් කළද කිසිවෙකුත් අවධානයක් යොමු නොකරන බවත් මෙලෙසින් වන අලින් ඉදිරියටත් ගම් වදින්නේ නම් ජීවිත හානි ද සිදුවිය හැකි බව කුඩාහල්මිල්ලෑව වැසියෝ චෝදනා කරති.
එමෙන්ම වන අලින් විසින් හානි කරන ලද වගාවන් හා නිවාස වෙතට වන්දියක් හෝ ලබා දීමට බලධාරීන් පියවර ගත යුතු බවටද කුඩාහල්මිල්ලෑව වැසියෝ වැඩිදුරටත් කියාසිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කුඩාහල්මිල්ලෑව නිවාසවලට වල් අලින්ගෙන් හානි