චමිල් රූපසිංහ
ආරම්භයේ සිට එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ කඩුගන්නාව නගරසභාවේ බලය මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සතු විය.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් කඩුගන්නාව නගරසභාවේ සභාපති හා උප සභාපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම කඩුගන්නාව නගරසභා ශාලාවේදී අද (11) පස්වරුවේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු හත් දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු හය දෙනෙක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරයකු බැගින් ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කඩුගන්නාව නගර සභාවට තේරී පත් වූහ.
සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමිල වේරගොඩ මහතාගේ නමද එක්සත් ජාතික පක්ෂයෙන් එම් එම් ෆවයිනා මොහිදීන් මහත්මියගේ නමද යෝජනා විය.
ඒ අනුව පැවැති රහස් ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියට ඡන්ද 06 ක් ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අමිල වේරගොඩ මහතා ඡන්ද 8 ක් ලබා ගනිමින් සභාපති ලෙස තේරී පත් විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කඩුගන්නාව බලය පොහොට්ටුවට