චමිල් රුපසිංහ
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාවේදී විශාල මාර ගසක් ත්‍රීවිල් රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 4 දෙනෙකු අද (05) රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි.
තුවාලකරුවන් කඩුගන්නාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බවත් කිසිවෙකුට බරපතල තුවාල නොමැති බවත් පොලිසීය කීයයි.
ත්‍රීවිල් රථයේ සිරවී සිටි තිදෙනා ප්‍රදේශවාසීන් බේරා කඩුගන්නාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් හට බර පතල තුවාල කිසිවක් නැති බවද පොලිසිය කියයි.
මාර්ගයට වැටී තිබු විශාල ගස නිසා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය පැයකට අධික කාලයක් පැවැති අතර
මාවනැල්ල පොලිසිය මැදිහත් වී මාර්ගයේ ගමන් ගත් බස් රථවල රියදුරන් හා මගීන් ද කඩුගන්නාවේ පොලිසියේ සහයද ඇතිව කඩා වැටුනු විශාල මාර ගස මාර්ගයෙන් ඉවත් කළ බව මාවනැල්ල පොලිසිය පැවැසිය .




2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඩුගන්නාවේදී මාර ගසක් ත්‍රීවිලයක් මතට