IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


කොටගල ප්‍රා. සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

(රංජිත් රාජපක්ෂ)       
                 
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලන පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් (ලංකා කම්කරු පක්ෂය) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) මාසික සභා රැස්විම පැවැත්වුණි.

සභා වාරයට එම සභාවේ සභාපතිවරයා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක්,   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඇතුළු 7 දෙනෙක්  කළු පටි පැළඳ සභාවට පැමිණියහ.
 
වතු කම්කරුවන්ට රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බව පැවසුවත්, එය මෙතෙක් ලබා දී නොමැති බවත්, එම මුදල ලබාදීමට රජය සමඟ එක් ව කටයුතු කරන වතුකරයේ දේශපාලනඥයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සභාව හමුවේ පැවසීය.
 
සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සභාව තුළ  නොසන්සුන්කාරීව හැසිරෙමින් පැවසුවේ වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 50 මුදල හිඟ මුදල ද සමඟ ලබාදීමට මේ වනවිට එම දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බවයි.
 
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දා වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවබෝධතා ගිවිසුමකට එළඹි වතු එකාබද්ධ වෘත්තීය සමිතිය වතුකම්කරුවන්ව පවා දී ඇති බවද ඔවුහු පැවසූහ.
 
එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශාපාලනඥයන් රජය සමග සාකච්ඡා කර වතු හාම්පුතුන් වැඩි කළ වැටුපට අමතරව රුපියල් 50 ක දීමනාවක් වැටුපට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ වෘත්තිය සමිති නායකයින් කටයුතු කරමින් සිටින බවද ඔවුහු කීහ.



අදහස් (0)

කොටගල ප්‍රා. සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site