(අප්සරා යෝසිත් විජේසූරිය)
කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ එළිමහන් සිරකඳවුරකින් පලා ගිය සිරකරුවෙකු අද(14) රත්නපුර සමන් දේවාල පරිශ‍්‍රයේදී අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
බාලවයස්කාරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වසර එකහමාරක සිරදඬුවම් ලබමින් සිටින අතරතුර, කුණ්ඩසාලේ එළිමහන් සිරකඳවුරක රාජ්‍ය උත්සවයකට අදාළ ප‍්‍රදර්ශන කුටි තැනීමට යොදවා සිටියදී මෙම සැකකරු පසුගිය මස 23 දින පලාගොස් තිබිණි.
සිරකරු පැල්මඩුල්ල තඹහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
මැණික් පතලක සේවක පිරිසක් සමඟ එක්ව සමන් දේවාලයේ පූජාවකට පැමිණ පිටව යද්දී මොහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිරකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
එළිමහන් සිරකඳවුරකදී පලාගිය සිරකරුවකු අත්අඩංගුවට