IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එජාපය දිනූ හම්බන්තොට ශ්‍රීලනිපයේ එරාජ්ට

(සනත් ගමගේ /ජනක අපරැක්ක)

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අද  තේරී පත් විය.

දකුණු පළාත් සභාවේ  වැඩ බලන පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩාච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කැරිණි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රී වරු 09 දෙනෙක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රි වරු 07 දෙනෙක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්   මන්ත්‍රී වරු 04 ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන්   එක් මන්ත්‍රී වරයෙක් වශයෙන්  මන්ත්‍රී වරු 21 දෙනෙක් තේරී පත්වූහ.
 
 ඒ අනුව නරාධිපති වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඩි.ඒ ගාමිණි මහතා සුදුසු බවට මොහොමඩ් ෂරිෆ්ඩින් ෆරිස් මන්ත්‍රී වරයා යෝජනා  කළ අතර මොහොමඩ් හුසේන් මෙහොමඩ් රිසාන් මහතා ස්ථීර කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරි පත් වි සිටින  එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සුදුසු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන  කේ.ජී ගාමිණි ශ්‍රී ආනන්ද මන්ත්‍රී වරයා යෝජනා කල අතර වලිමුණිගේ අජන්තා රෝහණ මන්ත්‍රී වරයා ස්ථීර කළේය.

ඒ අනුව විවෘත ඡන්ද විමසීමකට පැවැත්වීමෙන් පසු ඩී.ඒ ගාමිණි මහතාට ඡන්ද 09 ක්ද, එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඡන්ද 11 ක් ද ලැබූ අතර ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී වරයා ඡන්ද දීමෙන් වැලකී සිටියහ. වැඩි ඡන්ද 02කින් හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස දෙවන වරටත් හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා තේරීපත් විය.



අදහස් (1)

එජාපය දිනූ හම්බන්තොට ශ්‍රීලනිපයේ එරාජ්ට

ලුම්බිණි Friday, 27 April 2018 03:46 AM

දැන් ඉතින් ආයෙත් පිස්තෝල අරගෙන දුවන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site