එංගලන්තයේ ලිවර්පුල් නඟරයේ ශ්‍රී සම්බුද්ධවිහාරස්ථානය මෙවර වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කර තිබු වැඩසටහන් අතර අලංකාර වෙසක් තොරණක්ද ඇතුළත්ව තිබුණි. විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් පිංකම සංවිධානය කර ඇත.
විහාරස්ථ දායක සභාවේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් නිර්මායකර තිබු වෙසක් තොරණ සඳහා මෙවර යොදාගෙන ඇත්තේ බෝධිරාජ කුමාර ජාතකයයි.
ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 400 ක් පමණ උතුරෙන් පිහිටි ලිවර්පුල් නඟරය ලොව ප්‍රකටව ඇත්තේ "බීටල්ස්" සංගීත කණ්ඩායම නිසාය. බ්‍රිතාන්‍ය ආර්ථිකයේ වැදගත් ස්ථානයක් දරන ජාත්‍යන්තර වරායක්ද ලිවර්පුල්හි ඇත. මෙනිසාම එම නඟරය ලෝකයේ විවිධ රටවලින් රැකියා සඳහා පැමිණි ජනයා පදිංචිව ඉන්නා බහුජාතික නඟරයක් බවට පත්වී ඇත.
මෙම නඟරයේ විවිධ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් ජීවත්වෙති. ඔවුන්ගෙන් වැඩිදෙනා බෞධයෝද වෙති. ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා විහාරස්ථානයක් නොමැතිවීමේ අඩුපාඩුව වටහාගත් බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤනිකායේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන් විසින් 2014 ජුලි 12 වනදා ලිවර්පුල් නඟරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබිය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එංගලන්තයේත් වෙසක් තොරණක්