IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්කෝටි විසිපන් ලක්ෂයක කේරළ ගංජා ඇද්ද දෙකක් මාට්ටු

(බී.ජී.චතුරංග) 

රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කේරළ  ගංජා තොගයක්, කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම කැබ් රථය සමග  ඊයේ (10 දා)  රාත්‍රි අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුකුඩුඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව ද පොලීසිය කියයි.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව යාපනය නුවර ඒ-9 මාර්ගයේ බූ ඔය පාලම අසලදී මෙම වැටලීම  සිදු කර, සැකකරුවන් සතුව තිබූ කේරළ ගංජා කිලෝ 24යි ග්රෑම් 850 ක ප්‍රමාණයක් සහ කැබ් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මුලතිව් සිට කොළඹ දක්වා කැබ් රථයකින් කෙසෙල් ප්‍රවාහනය කරන මුවාවෙන් සූක්ෂම ලෙස සඟවා මෙම කේරළ  ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය පවසයි. 

සංවිධානාත්මක පිරිසක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන කේරළ ගංජා, දිවයින පුරා   බෙදා හැරීම මෙම සැකකරුවන්  විසින් සිදු කර ඇති බවද  පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (11දා) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්. කිත්සිරි ජයලත්,  නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි ඩී.ආර්.එස්  ධර්මදාස මහතාගේ මෙහෙයවීමෙන්, මැදවච්චිය  පොසියේ වැඩ බලන ස්ථානාධිපති ජී.ජී.එල් ධර්මසිරි, උප පොලිස් පරීක්ෂක නිමල් ප්‍රේමසිරි, පො.සැ. විතාරන(34880), රියදුරු පො.සැ. බණ්ඩාර (39643), පො.කො.කුමාර (84380), පො.කො. සිල්වා පො.කො. සිල්වා (56471), පො.කො. රෑපසේන(56649) 
පොලිස් ආරක්ෂක සහයක ජයසේන (2038) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. 



අදහස් (0)

එක්කෝටි විසිපන් ලක්ෂයක කේරළ ගංජා ඇද්ද දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 508 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site