(ඩයනා උදයංගනී)
උපාධිධාරීන් දහසකට තොරතුරු තාක්‍ෂණය පිළිබඳ පුහුණුවක් ලබාදී ඔවුන් එම ක්‍ෂ්ත‍්‍රයේ රැකියා සඳහා යොමුකිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය පවසයි.
තොරතුරු තාක්‍ෂණ නොවන විෂයන්ගෙන් උපාධිය ලැබූවන් මේ සඳහා තෝරාගැනීමට නියමිත අතර ඔවුන්ට පුහුණු කාලය තුළ රුපියල් 50,000ක දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
උපාධිධාරීන්ගේ රැකියා ගැටලූවට ද මෙයින් විසඳුම් ලැබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම කාර්යය සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර පුහුණුව අවසානයේ ඔවුන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන්ට යොමුවීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
මේ වනවිට ශ්‍රී ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබෙන මාර්ග අතුරින් සිව්වන ස්ථානය තොරතුරු තාක්‍ෂණ අංශයට හිමිව ඇතැයි කී අජිත් පී පෙරේරා මහතා එයින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආදායමක් හිමිවන බව ද පැවසීය.
ඉදිරි වසර 10 තුළ එය මෙරට වැඩිම අපනයන ආදායම් මාර්ගය වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ පුහුණුවක්