IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරු මැද පාසල්වල විදුහල්පති පුරප්පාඩු රැසක්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පාසල්වල පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුරු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගතව ඇතත් මෙතෙක් එම පුරප්පාඩු පුරවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ මහතා පවසයි.

අනුරාධපුර නගරයේ අද (14) දින පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අසේල විජේසිංහ මහතා මෙසේද පැවසීය.

              ‘‘උතුරු මැද පළාත් සභාව මගින් පාලනය වන පාසල් 816 ක් තිබෙනවා.මේ පාසල් වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා තනතුරු 1017 ක් තිබෙනවා.

මේ පාසල්වල පවතින විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගැසට් නිවේදනයක් මගින් සම්මුඛ පරීක්ෂණයකුත් පවත්වලා මාස 12 කුත් දැන් ගෙවිලා ගිහින්.එහෙත් සුදුසුකම් තිබෙන ගුරුවරු විදුහල්පති තනතුරු වලට මෙතෙක් පත්කරලා නැහැ.

මේ වන විට උතුරු මැද පළාතේ පාසල්වල රාජකාරි ආවරණය කරන ගුරුවරු 385 ක් පමණ සිටිනවා.

මෙම හේතුව නිසා පාසල්වල රාජකාරි කටයුතු වලදී  නිවරුදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වීමෙන් ගැටළු රැසක් නිර්මාණයවී තිබෙනවා.පාසල්වල පරිපාලනය කඩාවැටිලා.මේකට හේතුව පළාත් අධ්‍යාපන බලධාරින්ගේ නොසැලකිල්ල.

විදුහල්පතිවරු ලෙස සේවය කිරීමට සුදුසුකම් ලත් ශ්‍රේණිධාරි ගුරුවරු දහසකට අධික පිරිසක් සිටියත් ඔවුන් පුරප්පාඩුවී ඇති විදුහල්පති තනතුරු සඳහා පත් නොකිරීම තේරුම් ගත නොහැකි බවද අසේල විජේසිංහ මහතා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අප පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලක බණ්ඩාර මහතා ගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු කිරීම සඳහා තව ඇත්තේ මාස හතරක කාලයක්.මෙම වාර්ෂික ස්ථාන මාරු කිරීම් තුල විදුහල්පතිවරු පත්කිරීමත් ගැටළු සහගතයි.එම නිසා පළාත් ආණ්ඩුකාරවරයාගේත් උපදෙස් ලබා ගෙන ලබන වසරේ මුල් භාගයේදි පමණ විදුහල්පතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා මෙහිදී පැවසීය.



අදහස් (0)

උතුරු මැද පාසල්වල විදුහල්පති පුරප්පාඩු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32436 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14935 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site