IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් විදුහල්පතිවරුන්ට බලපෑම්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ සහ නඩත්තු කිරීමේ කොන්ත්‍රාත් සිය සගයන්ට ලබාදෙන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විදුහල්පතිවරුන්ට බලපෑම් කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

උතුරු මැද පළාතේ පාසල් සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට සහ පැරණි ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

මේ සඳහා පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන 110 ක් වෙන් කර ඇති අතර අදාල ව්‍යාපෘති ප්‍රමාණය 200 කට ආසන්නය.

මෙම ව්‍යාපෘති සියල්ලම රුපියල් ලක්ෂ විස්සට අඩු එවා බැගින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති චක්‍රලේඛ අනුව එවැනි ව්‍යාපෘති ඉදිකිරීම සඳහා භාරදිය යුත්තේ එම පාසලේම පාසල් සංවර්ධන සමිතියටය.

නීතිමය තත්වය එසේ තිබියදී පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු මෙම කොන්ත්‍රාත්තු සිදුකළ යුතු පාසල් සංවර්ධන සමිතියෙන් තමන්ගේ හිතවතුන්ට උප කොන්ත්‍රාත් ලබා දෙන්නැයි බලපෑම් සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේදි අද (27) දින පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

"උතුරු මැද පළාතේ පාසල්වල පවතින ගොඩනැගිලි හිඟය අවම කර ගන්න පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන 110 ක් වෙන් කර තිබෙනවා.

ව්‍යාපෘති සංඛ්‍යාව 200 කට ආසන්නයි.එක ව්‍යාපෘතියක වටිනාකම ලක්ෂ විස්සට අඩුයි.අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ අනුව රුපියල් ලක්ෂ විස්සට අඩු සංවර්ධන වැඩ පාසල් සංවර්ධන සමිතියට ලබාදෙන්න ඕනේ.ඊට වැඩි වටිනා ව්‍යාපෘති ප්‍රසිද්ධ කරලා කොන්ත්‍රාත් පිරිනැමීම තමයි සිදුකරන්නේ.

මේ පාසල් සංවර්ධන සමිති සඳහා ලබාදෙන කොන්ත්‍රාත් කිසි විටෙකත් උප කොන්ත්‍රාත්කරුවෙකුට දෙන්න බැහැ.ඒ බව පැහැදිලිවම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ අංක 2018/26 චක්‍රලේඛයේ සඳහන් වෙනවා.

එසේ තිබියදී පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදී පරාජයට පත්වූ පිරිසකට මෙම ඉදිකිරීම්වල උප කොන්ත්‍රාත්තුව ලබාදෙන්න කියලා විදුහල්පතිවරුන්ට බලපැම් කරනවා.

මේක නීති විරෝධී වැඩක්.මෙම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් දුන්නොත් එකේ වගකීම විදුහල්පතිවරුන්ටයි පැවරෙන්නේ.එහෙම වුනොත් අපි ලංකා ගුරු සංගමය ලෙස ඔවුන් වෙනුවෙන් පෙනි සිටින්නේ නැහැ" මේ සම්බන්ධයෙන් තම සංගමය අවධානයෙන් සිටින බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ගෙන් දුරකතනයෙන් සිදුකළ විමසුමේදී ඒ මහතා මෙසේ පැවසීය.

පළාතේ සිටින දිනපු, පැරදුන ප්‍රාදේශීය දේශපාලඥයන් කොන්ත්‍රාත් ලබාගන්න හදනවා ඇති.නමුත් මමවත් මගේ සම්බන්ධිකරණ ලේකම්වරුවත් කිසි කෙනෙක් මෙවැනි කිසි දෙයකට බලපැම් සිදුනොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.



අදහස් (0)

උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් විදුහල්පතිවරුන්ට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32457 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14954 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site