IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුරේ බොදු අයිතිය රකගන්න නීතීඤයෙක් උසාවි යයි

උතුරේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

අතුරුගිරියේ නීතිඥ ඇන්. දර්ශණ වේරදූවගේ මහතා විසින් ගොනු කැරැණු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, උතුරු පලාත් මහා ඇමති සී.වී.විග්නේෂ්වරන් ,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ,බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහත්වරු නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේ ද සඳහන්වේ.

පෙත්සම්කරු බෞද්ධ ශාසනය සහ එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නෙකි.

මාන්කුලමේ බුදු කුටියක් කඩා දැමීමේ පුවතක් පසුගිය අගෝස්තු 31 වැනි දා ඬේලිනිවුස් පුවත්පතේ පළවිය.උතුරු පළාත් සභාව ,එම පලාත් සභාවේ පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහත්වරුන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද උතුරු ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්තාන සහ බුදු පිළිම ඉවත් කිරීම පිළිබඳවත් ,නව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට එරෙහිවත් අදහස් දක්වා තිබේ.මේ පිළිබඳව විරෝධය පා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාටත් ලිපි මඟින් දන්වා ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ විධිවිධාන ප‍්‍රකාරව බුද්ධාගමත් ,බුද්ධ ශාසනයත් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාදායක වගකීමක් වගඋත්තරකරුවන්ට ඇත.එහෙත් මෙම වගකීම වගඋත්තරකරුවන් විසින් පැහැර හැර ඇත.විශේෂයෙන්ම රටෙහි නායකයා වන ජනාධිපතිවරයා විසින්ද මෙම වගකීම පැහැර හැර ඇත.මෙම තත්ත්වය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පෙත්සම්කරු කියා සිටී.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද ,උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන සහ එම දේපළ ආරක්ෂා කිරීමට නියෝග කර එද දේපළ විනාශ කළ අය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.

එසේම තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද බෞද්ධ සහ විහාර දේවාලගම් පනතෙහි 3වැනි ෙඡ්දය සංශෝධනය කර ඓතිහාසික වැදගත්කමක් ඇති පුරාණ විහාර වශයෙන් නාග විහාරය සහ දීඝවාපිය ඇතුළත් කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

උතුරේ බොදු අයිතිය රකගන්න නීතීඤයෙක් උසාවි යයි

නිමලරත්න Thursday, 20 October 2016 08:09 AM

ඔබ තුමාට දස දහස් වරක් පින්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13527 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site