(දයාරත්න ඇඹෝගම)
නිති විරෝධිව සහ අවධිමත් අයුරින් උතුරු මැද පළාතේ පාසල් වල විදුහල්පතිවරු ස්ථාන මාරු කිරිමේ ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙස උතුරු මැද අධ්‍යාපන බලධාරින්ට නියෝග කරන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඇතුළු වෘත්තිය සමිති අටක නියෝජිතයින් අද (20) මානව හිමිකම් කොමිසමේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යලයට පැමිණිල්ලක් කළේය.
උතුරු මැද පළාතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් නිකුත් කොට ඇති අංක 2017/02 චක්‍ර ලේඛනය උපදෙස් උල්ලංඝණය කරමින් විදුහල්පතිවරු රැසක් ස්ථාන මාරුකර ඇතැයි මෙම ගුරු සංගම් චෝදනා කරති.
මානව හිමිකම් කොමිෂම වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.
උතුරු මැද පළාතේ පාසල්වල විදුහල්පතිවරු මාරු කිරිම සදහා මේවන විට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අතර තුර උතුරු මැද ප්‍රධාන ලේකම්වරිය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ නිර්දේශ මත විදුහල්පතිවරු රැසක් ස්ථාන මාරු කොට තිබෙනවා.ඒ වාගේම නව විදුහල්පතිවරු පත් කොට තිබෙනවා.මේ ක්‍රියාව සම්පුර්ණයෙන්ම නිති විරෝධියි.
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක 2017/02 චක්‍රලේඛනයේ උපදෙස් සියල්ල කඩ කරලා.බලය අයථා ලෙස භාවිතා කිරිමක්.තමන්ට හිතවත් විදුහල්පතිවරුන්ට නගරයේ පහසු පාසල් සදහා ස්ථාන මාරුවිම් ලබාදි තිබෙනවා.පාසල් පරිපාලනය කඩා වැටිලා.
මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති 08 ක් පසුගිය 03 වැනි දින හිටපු ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා හමුවෙලා සාකච්ජා කලා.එහිදි ආණ්ඩුකාරවරයා ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරියටත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියටත් උපදෙස් දුන්නා මෙම ස්ථාන මාරුවිම් තාවකාලිකව අත් හිටුවන්න. ආණ්ඩුකාරවරයාගේ ඒ උපදෙස්වත් පිලිපැදලා නැහැ.
ඒ නිසා මේ මාරුවිම් වහාම අත් හිටුවන්න.නිති විරෝධි ආකාරයට විදුහල්පතිවරු ස්ථාන මාරුකිරිමත් නව පත්විම් ලබාදිමට සම්බන්ධ නිලධාරන්ට විරුද්ධ විනයානුකුල ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට අපි අද(20)මානව හිමිකම් කොමිෂම වෙත පැමිණිලි කළ බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උතුරුමැද ගුරු සංගම් 8 ක් මානව හිමිකම් කොමිසමට