IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උතුරුමැද අධ්‍යාපන කොට්ඨාසයේ පුරප්පාඩු 106 ක්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පවතින අධ්‍යාපන පරිපාලන නිලධාරින් 106 දෙනෙකුගේ පුරප්පාඩු හේතුවෙන් පළාත් අධ්‍යාපන පරිපාලනය තුළ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්න ප්‍රනාන්දු මහතා පවසයි.

පළාතේ අධ්‍යාපන කොට්ඨාස 48 ක් තිබෙනවා.මින් කොට්ඨාස 32 කම අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේ පුරප්පාඩු රැසක් තිබෙනවා. සමහර ස්ථානවල අධ්‍යාපන පරිපාලන නිලධාරි තනතුරේ වැඩ ආවරණය කරන්නේ ගුරුවරයෙක් නැත්නම් විදුහල්පතිවරයෙක්.

අධ්‍යාපන පරිපාලනයේ තිබෙන මෙම 106 දෙනාගේ පුරප්පාඩු හේතුවෙන් සමහර නිලධාරින් තනතුරු දෙක තුනක රාජකාරි කරනවා. මේ නිසා සිදුවන්නේ එක තනතුරක රාජකාරියක් හෝ නිසි පරිදි ඉටු කිරිමට නොහැකි විම යැයි ඔහු කීවේය.

පසුගිය වසරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින පරිපාලන නිලධාරින් පත් කිරිම සඳහා මධ්‍යම රජට මගින් තරග විභාගයක් පවත්වනු ලැබුවා. එම තරග විභාගයෙන් අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරින් 875 දෙනෙකු බදවා ගත්තා.

මෙසේ බඳවා ගනු ලැබු අධ්‍යාපන පරිපාලන නිලධාරින් ගෙන් 106 දෙනෙකු උතුරු මැද පළාතේ අධ්‍යාපන කොට්ඨාස සඳහා පත් කරන ලෙස ඉල්ලා සිටියත් බඳවා ගනු ලැබු නිලධාරින් 875 දෙනා අතරින් උතුරු මැද පළාතට පසුගිය දෙසැම්බර් මාසයේ නිලධාරින් 16 දෙනෙකු පමණයි පත් කළේ. එම 16 දෙනා ගෙනුත් 10 දෙනෙක් පමණයි සේවයට වාර්තා කළේ.

මෙම හේතුවෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපන පරිපාලනයේ විශාල කඩා වැටිමකට ලක්වි තිබෙනවා.මෙම හේතුව ඝෘජුව පළාතේ පාසල් වලටත් සිසුන්ගේ අධ්‍යාපනයටත් බලපානවා.

මෙම පරිපාලන නිලධාරින්ගේ පුරප්පාඩු කඩිනමින් පුරවා මේ සඳහා නිසි විසඳුමක් ලබා දෙන ලෙස මධ්‍යම රජයෙන් තමන් ඉල්ලා සිටින බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසිය.
 



අදහස් (0)

උතුරුමැද අධ්‍යාපන කොට්ඨාසයේ පුරප්පාඩු 106 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site