IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන ඉල්ලා පිරිසක් නොසන්සුන් වෙයි

( රංජිත් රාජපක්ෂ)                       

තිස්සමහරාමයේ සිට මස්කෙලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් පිරිසක් තම වාහනයට ඩිසල් ඉල්ලා හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකරු සහ සේවකයින් සමග අද නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.

දින තුනක සංචාරයක් සදහා පැමිණ ඇති එම තරුණයන් පිරිස ඊයේ (27) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටඅද (28) දින හැටන් හරහා මස්කෙලියට යාමට හැටන් නගරයට පැමිණි අවස්තාවේ ඔහුන් පැමිණි වාහනයට ඉන්ධන අවසන් විම නිසා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් ඉන්ධන ඉල්ලීමෙන් පසු මෙම නොසන්සුන්තාව ඇතිව තිබේ.

ඉන්ධන නොමැති බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පැවසීම නිසා එම අවස්තාවේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන්  එය පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ මැදිහත්විමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමියෙකුගෙන් ඔහු සන්තකයේ තිබු ඩිසල් ලිටර් 20 ක් මුදලට එම තරුණයන්ට ලබා දිමට කටයුතු කිරිමත් සමග එම තරුණයන් එම ස්ථානයෙන් පිටව ගියහ.



අදහස් (0)

ඉන්ධන ඉල්ලා පිරිසක් නොසන්සුන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site