සිතුම් චතුරංග
ඉන්දියාවේ ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 154ක් රැගෙනයමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිලාවතුර , අරසමුරිප්පු ප‍්‍රදේශයේදී අද (07) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම සඳහා මෙම කේරළ ගංජා තොගය සූදානම් කොට තිබූ බවත් එහි තිබී කිලෝ දෙකක ප‍්‍රමාණයේ කේරළ ගංජා පාර්සල් 72 තිබූ බවද පොලිසිය සඳහන් කරති.
පොලිසිය පැවසූයේ සැකකරුවන් ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් කැළෑ ප‍්‍රදේශයක සඟවීමට රැගෙනයමින් සිටියදී අත්අඩංගුවටගැනීමට හැකිවූ බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට