IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දන නැතිව අනුරාධපුර රෝහලත් ලෙඩ වෙයි

(බී.ජී.චතුරංග සහ උපුල් හේරත්)

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ඊයේ (18දා) සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ඉන්ධන ලබා ගැනීම සඳහා පමණක් නම් කර තිබෙන ඉන්ධන පිරවුම්හල්වලට සතියකට වැඩි කාලයක් ඉන්ධන නොලැබීමේ හේතුවෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

සෞඛ්‍ය සේවකයන් සඳහා රජය විසින් පිරවුම්හල් නම් කර ඒවායෙන් සෞඛ්‍ය කාර්යය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් ඉන්ධන ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළත් ඉන්ධන පිරවුම්හල් අසල මැර කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් ඇතුළු වෙනත් පාර්ශවයන් විසින් සිදු කරන බලපෑම් ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් එම ඉන්ධන ලබා දීමේ වැඩ පිලිවෙල අසාර්ථක වී තිබෙනවා.

ඒ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

(ඡායාරූප උපුල් හේරත්)



අදහස් (1)

ඉන්දන නැතිව අනුරාධපුර රෝහලත් ලෙඩ වෙයි

Kasun Saturday, 23 July 2022 06:29 AM

රටක පොදු ප්‍රවාහනය යම්තාක් දුරකටවත් භාවිතා කරන්න බැරි ලංකාවේ එකම වෘත්තීකයෝ.. ලොකුකම ඔලුවෙන් අයින් කරන්න බෑ. මම පුද්ගලිකවම දන්නවා. රෝහලේ ඉන්න වෛද්‍යවරු 5 දෙනාම රෝහලේ සිට මීටර 100 දුරවත් එන්නේ පයින්. තෙල් නෑ කියලා රෝහල වහලා දැම්මා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 206 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site