IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉඩම් අහිමි වූ ජනතාව හොරොව්පොතානේ උද්ඝෝෂණයක

(හොරොව්පොතාන පැතුම් දර්ශන)

පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

නියමිත ඉඩම් වන්දි නොලැබීම, ඉඩම් කට්ටි 47ක් වෙනුවෙන් ලැබී ඇති මිලියන 91ක මුදල බෙදාදීමට අමාත්‍යවරයාට දිනයක් ලැබෙන තුරු මාස දෙකකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම, නොයෙක් ගැටලු මැද ජීවත්වන ජනතාවට ලැබෙන වන්දි මුදල බෙදාදීම සඳහා කිලෝමීටර් 58ක් දුර ගෙවා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවීම, වන අලි ගම් වැදීම සහ අලි ප්‍රහාරයෙන් මිනිස්සුන් මිය යාම යන කාරණා මුල් කරගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරත වූහ.

පහළ යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, පුහුදිවුළ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ යන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් හොරොව්පොතාන නගරයට දැඩි ආරක්ෂාවක් යෙදවිමටද පොලිසිය කටයුතු කර තිබුණි.

හොරොව්පොතාන රෝහල ඉදිරිපිට සිට හොරොව්පොතාන බස් නැවතුම්පොළ ඉදිරිපිටට පා ගමනින් පැමිණි උද්ඝෝෂකයෝ එම ස්ථානයේදී උද්ඝෝෂණයේ නිරත විය. නගරයේ සති පොලද එදින පැවැත්වුණු නිසා විශාල ජනතාවක් නගරයට පැමිණ සිටි අතර ඒ හේතුවෙන් තරමක වාහන තදබදයක් ද ඇතිවුණු මුත් පොලිසිය මැදිහත් වී රථවාහන මෙහෙය වූ නිසා කිසිවෙකුටවත් කරදරයක් නොවීය.

උද්ඝෝෂකයෝ චෝදනා කළේ විෂය භාර අමාත්‍යවරයා වගකීමෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් කබලෙන් ලිපට වැටී සිටින බවයි. හරිහමන් බත් වේලක් කන්න නැතිව සිටියදී බෙදාදීමට දිනයක් ලැබෙන තුරු ඇමතිවරයාගේ නියමයෙන් මාස දෙකකට වැඩි කාලයක්  වන්දි මුදල් රඳවා තබා ගැනීම පිළිබඳව ජනතාව  දැඩි අප්‍රසාදය පළ කළහ.

පොලිස් දැඩි ආරක්ෂාව මැද පැය එකහමාරකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ උද්ඝෝෂකයෝ අවසානයේ වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතාගේ නමින් හැදු පඹයෙකු පිලිස්සීමට ගත් උත්සාහය පොලිසිය විසින් නවතා දැමීය. පසුව උද්ඝෝෂණයේ නිරත වූ කාන්තාවන් පිරිසක් එම පඹයා කඩා බිඳ දමා පාගමින් හූ කියමින් කෑ ගැසූ අතර මද වේලාවකින් ඔවුහුද විසිර ගියහ.



අදහස් (0)

ඉඩම් අහිමි වූ ජනතාව හොරොව්පොතානේ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14962 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site