(අජිත් ලංකාතිලක)
මාතර දිස්ත්‍රික්කයේ මාවරල, ඇහැළකන්ද ගම්මානයේ 35 දෙනකුට අධික පිරිසකට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය අයිතිය අහිමි වී ගොස් ඇතැයි කියති.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ද තමන්ට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබී තිබුණද මෙවර එය අහිමි වීම විමතියට කරුණක් බව ඡන්ද අයිතිය අහිමි වූ ගැමියෝ කියති.
අදාල ඡන්ද අදුම්පත් ග්‍රාම නිලධාරී කාර්යාලයට ලබා දුන් බවද ඔවුහු කියති. මේ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්වරයාට පැමිණිලි කළ බවත් ඔහු ඒ පිළිබදව සොයා බලන බව පැවසූවද මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුණු බවද ගැමියෝ සඳහන් කළහ.
උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් ටී.එච්.දර්ශණ වර්ණප්‍රිය මහතාගෙන් අප කළ විමසීමකදී මේ සම්බන්ධයෙන් තමා දැනුවත්ව නොසිටි බවත් , මෙම ගැටළුව පිළිබදව සොයා බලන බවත් පැවසීය.
මැතිරණ කොමිසමෙන් කළ විමකදී එහි ඉහළ නිලධාරියෙක් සඳහන් කලේ අදාල ඡන්ද අයදුම්පත් පුරවා බාරදීමේදී තැපැල් කිරීම්, වෙනත් අයකු ලවා ඒවා අදාල නිලධාරීන්ට ලබා දීම් වැනි කාරණා වලින් එම අදුම්පත් අස්ථාන ගතවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි.
එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂා කරන ලෙස දිගින් දිගටම මැතිවරණ කොමිසම මගින් ජනතාව දැනුවත් කර තිබියදීත් මෙවැනි සිදුවීම් වී ඇති බව සඳහන් කළ එම නිලධාරීයා වැඩි දුරටත් පැවසූයේ මේ අවසන් මොහොතේ කිසිවක් කළ නොහැකි බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇහැළකන්දේ 35 කට ඡන්දය අහිමි වෙලාලු
chinthaka Wednesday, 13 November 2019 11:09 AM
මගෙත් නම මේ ගමන ඡන්ද ලේඛනයේ නැහැ. අවුරුදු 30 ක් එක දිගට දැම්ම ඡන්දෙ මොන හේතුවක් නිසා අවලංගු කරාද මන්දා?