(ඩී.කේ.රත්න)
ඇල්ල රාවණාඇල්ල අභයභූමියට ඉහළ කොටසේ අද (22) හවස ඇති වූ හදිසි ගින්නකින් මේ වන විට එම රක්ෂිතයේ අක්කර අටක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි ඇල්ල පොලිසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක හා සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශ වන්නට ඇතැයි පොලිසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදය සඳහා හෝ වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතයි පොලිසිය කියයි.
ඇල්ල රොක් නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් දිනපතාම ගමන් ගන්නා බැවින් මෙම ගින්න හට ගැනීමත් සමඟ ඇල්ල පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට මහත් උත්සහයක් දරා ඇතැත් ප‍්‍රදේශයේ පවතින තද සුළං තත්වය හා දැඩි බෑවුම් සහිත ප‍්‍රදේශයක මෙම ගින් පැතිරීයාම නිසා මෙම ගින්න නිවා දැමීමට නොහැකිවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇල්ල රාවණාඇල්ල අභයභූමියේ ගින්නක්