IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇල්පිටියෙන් අපරාධ කල්ලි සාමාජිකයින් 4ක් අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක
 
ඇල්පිටිය ප‍්‍රදේශයේ ජනතාව භීතියට පත්කරමින් මිනිමැරුම් ඇතුලු  අපරාධ වල නිරත අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙක් ගිනි අවි දෙකක් හා සහ කඩු  4 ක් සමඟ අද  (31)   විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය  අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි. 
 
අත්අඩංගුවට ගත් ගිනි අවි අතර දෙනකු ටී 56 ගිනි අවියක්, ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් තිබු බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.මෙම කල්ලිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරු මත භට පිරිස් සිදුකළ මෙහෙයුමකදී  ගනේගොඩ ,  ඕපාත , පුජගල්ලෙන, මෙරිල්ලවත්ත  යන ප‍්‍රදේශ වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35-45 අතර වයසේ පසුවන්නන් බවද  පැවසේ.මොවුන්  ඇල්පිටියේ සිදු වු අපරාධ රැසකට  සම්බන්ධ සැකකරුවන් බවත් මොවුන් මෙම දකුණේ  කි‍්‍රයාත්මක පාතාල කල්ලි සමඟ සම්බන්ධකම් පවත්වන්නන්  බවට  තොරතුරු හෙළි වී ඇත.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇල්පිටිය පොලිසියට බාර දී ඇත.



අදහස් (0)

ඇල්පිටියෙන් අපරාධ කල්ලි සාමාජිකයින් 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site