(දයාරත්න ඇඹෝගම)
කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී පී. නිව්ටන් මහතාගේ නිල රථයට කිසියම් පිරිසක් නිවන්තක චේතිය විදුහල ඉදිරිපිටදි ගල්වලින් පහරදී ඔහුගේ රන්මාලයද පැහැර ගෙන ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම ගල් ප්‍රහාරයෙන් රජයට අයත් කැබ් රථයට හානි සිදුව තිබේ.
කොල්ල කන ලද මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් වන බවද පොලිසිය පවසයි.
නිවන්තකචේතිය විදුහල ඉදිරිපිට පවත්වාගෙන යන බටහිර ආසනයේ එ.ජා.ප ප්‍රධාන කාර්යාලයේ මහජන දිනය වෙනුවෙන් ගැටළු විසඳීමට පැමිණි අමාත්‍යවරයාගේ සොහොයුරු, සම්බන්ධීකරණ නිලධාරී පී. නිව්ටන් මහතා ආපසු යමින් සිටියදී ඊයේ(13) පස්වරුවේවාහනයට අසල්වාසී පිරිසක් ගල්මුල්වලින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙම කාර්යාල භුමියේ අයිතිය වෙනුවෙන් පිරිසක් අතර පවතින ගැටුමක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ සැමියාද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇමති නිලධාරියාගේ රථයට පහර දී - මාලය කොල්ල කාලා
sujith Sunday, 14 July 2019 05:18 AM
කමක් නැහැ.ඔය චේන් එක අරගෙන තියෙන්නේ මහජන මුදල් වලින් වෙන්න පුළුවනි.