(ඩී.කේ.රත්න )
මල්වත්ත වැවිලි සමාගමට අයත් ඇටම්පිටිය වතුයායේ සියලුම වතු කම්කරුවන් කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව අද (4) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ඇටම්පිටිය වතුයායේ නිෂ්පාදිත අමු තේ දලු ඇටම්පිටිය තේ කර්මාන්ත ශාලාවේ ඇඹරීම සිදු නොකර වතු කළමණාකරුවන් විසින් වෙනත් තේ කර්මාන්ත ශාලාවලට විකිණිම සිදු කරන බැවින් එයට විරෝධය පා මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
මෙම වතුයායේ ඇති තේ කර්මන්තශාලාව ඉතාමත්ම හොද තත්වයේ තිබියදී මෙම වතුයායෙන් නෙලන අමු තේ දලු වෙනත් කර්මාන්තශාලාවලට අලවි කිරීම තුළින් මෙම තේ කර්මාන්ත ශාලාව වැසී යන තත්වයකට පත්වන බවත් මෙම තත්වය මත කර්මාන්තශාලාවේ සේවයේ නියුතු වතු කම්කරු ජනතාවගේ රැකියා අවිනිශ්චිත තත්වයකට පත්වන බැවින් මෙම ක්‍රියාව වහාම නතර කර ඇටම්පිටිය තේ කර්මාන්ත ශාලාවේම නැවත දලු ඇඹරීම ආරම්භ කරන්නයි ඉල්ලමින් මෙම වැඩවර්ජනය දියත් කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇටම්පිටිය වතුයායේ වර්ජනයක්