IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇගළුම් සේවකයන් රැගත් බස්රථය සිරිපුරදී අනතුරකට

වජිර ප්‍රසන්න

දෙහිඅත්තකණ්ඩියේ සිට  පැලෑටියාව දක්වා ඇගළුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක්  අද (20) සිරිපුර, නවපල්ලේගමදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුරක් සිදුවී ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
 
මෙලෙස අනතුරට පත්වී  ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් රැගෙන ගිය බස් රථයකි.
 
මෙම අනතුරින් 19 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත්කර ඇත.මෙම රෝගීන් ගෙන් බරපතල තත්ත්වයේ පසුවූ අට දෙනෙක් අම්පාර,බදුල්ල,මඩකලපුව,පෙළොන්නරුව සහ අනුරාධපුර මහ රෝහල් වලට දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා  මාරු කළ බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මහේෂ් දහනායක මහතා පැවසීය.
 
සුළු තුවාල ලද අය දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

ඇගළුම් සේවකයන් රැගත් බස්රථය සිරිපුරදී අනතුරකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site