මෙවර පොසොන් උළෙලේ සමාප්තිය සටහන් කරමින් චිරාගත සම්ප්‍රදායානුකූල පිරිත් පැන් ඉසීමේ පෙරහැර අද (23)පස්වරුවේ පැවැත්විණි.
තිසාවැවේ සිට පෙරහැරින් මහ මෙවුනා උයනේ පිරිත් මණ්ඩපය වෙත රැගෙන ගිය පැන් කලස් සතියක් පුරා පිරිත්කර අවසානයේ අනුරාධපුර නගරය වටා ඉස ජනතාවටද බෙදා දී රටට සෙත් පතනු ලබයි.
සති පිරිත් පිංකමින් රටේ අපල උපද්‍රව දුරු වී සශ්‍රිකත්වය උදාවේවායි ප්‍රාර්ථනා කරනු ලැබේ.
සති පිරිතෙන් පසු අනුරාධපුරයේ වැසි වැසීමද අපේක්ෂා කැරේ.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සති පිරිත් පිංකම නිල වශයෙන් මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්ගේ
ප්‍රධානත්වයෙන් මෙවරත් සංවිධානය කෙරිණි.
අද රාත්‍රී දේවදුතයා පැමිණ දොරකඩ හස්න කියවීමෙන් අනතුරුව හෙට දහවල් මහා සංඝගත දක්ෂිණාවෙන් සති පිරිත් පිංකම නිම වේ.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ'පුර පැන් පෙරහර වීදි සරයි
සරත් Friday, 24 June 2016 02:40 AM
සමහරකට උවමනාවෙලා තියෙන්නේ මේ වගේ දේවල් නැති කරන්න. පෙරහර වගේ දේ විශේෂයෙන්. මේවා ඉතිහාසයේ පටන් සිද්ධවුණු රටේ සංස්කෘතික සහ ආගමික අංග. රටේ කොඩියේ ඉන්න සිංහයා නැති කරන්නත් පිරිසකට උවමනාවෙලා තියෙනවා. (නි)
අනුරාධ Friday, 24 June 2016 04:03 AM
සාදු! සාදු!! සාදු!!! අනන්ත මහා සම්බුදු ගුණ බලයෙන් අපේ රටට සෙතක් ශාන්තියක්ම වේවා! (නි)
හේරත් Friday, 24 June 2016 04:18 AM
"මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ" (නි)
දයානි Friday, 24 June 2016 04:24 AM
තෙරුවන් ගුණ බලෙන් මාතෘ භූමියට සෙතක් ශාන්තියක් වේවා! (නි)
යසන්ත Thursday, 23 June 2016 06:22 PM
බුදුගුණ අනන්තයි. කාටත් සැනසීම ලැබේවා! (නි)
රත්න Thursday, 23 June 2016 10:54 PM
අනේ! ඕවායින් ටිකක් පාර්ලිමේන්තුව ඇතුළෙත් භූමියේත් ඉසින්නකෝ, අපේ දේශපාලකයින්ගේ අපල දුරුවී මොළය පෑදෙන්න කියලා. (නි)