IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අහිමි කළ විශ්‍රාම වැටුප් ඉල්ලා අ’පුරේ විරෝධතාවක්

(දයාරත්න ඇඹෝගම)
 
රජයේ විශ්‍රාමිකයන්ගේ අහිමි කළ වැටුප් වහා ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය අද(06) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.
 
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරකිමේ සංවිධානයයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවසීය.
 
“2016 ජනවාරි 01 වැනි දින සිට 2020 ජනවාරි 01 දින දක්වා රජයේ සේවයෙන් විශ්‍රාම ගිය  එක්ලක්ෂ දහඅට දහසකට වැඩි පිරිසකගේ විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රයේ ඔවුනට ලැබිය යුතු නියමිත විශ්‍රාම වැටුප පැහැදිලිව සඳහන් වෙනවා.
 
ඒ අනුව මේ  වැටුප ලබා දෙන්න 2019 දෙසැම්බර් මස 10 වැනි දින චක්‍රලේඛනයක් නිකුත් කළා (35/2019). එසේ තිබියදි මේ ආණ්ඩුව 2020 ජනවාරි 20දා නැවත චක්‍රලේඛනයක් නිකුත් කළා මේ වැටුප අහිමි කරන්න. මේක බලවත් අසාධාරණයක්. මේ දේ කරන්න ඉඩ තියන්න බැහැ. මේ හේතුව නිසා අපි පසුගිය පෙබරවාරි 06 වනදා කොළඹදී උද්ඝෝෂණ්‍යක් පවත්වලා පාගමනකින් ගිහින් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාරදුන්නා.
 
දැන් අපට උත්තරයක් එවලා තියෙනවා ඒ සංදේශයේ අඩංගු කරුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමුකළා කියලා. නමුත් මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගත්ත තීරණයක් නොවෙයි. මේ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩලය. ජනවාරි 02 වැනිදා තමයි මේ අමාත්‍ය මණ්ඩලය තීරණය ගත්තේ. ඒ නිසා මේ අහිමි කරපු විශ්‍රාම වැටුප වහාම ලබාදිය යුතුයි. අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදෙන ආණ්ඩු වසර 30-40ක් රාජ්‍ය සේවයේ නිරතවු විශ්‍රාමිකයන්ගේ වැටුප අහිමිකිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතුයි” යැයි  මහින්ද ජයසිංහ මහතා පැවසීය.



අදහස් (0)

අහිමි කළ විශ්‍රාම වැටුප් ඉල්ලා අ’පුරේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 838 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site