IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අල වගාවෙන් ඉවත්වන බවට ඌව ගොවියෝ අනතුරු අඟවති

(හාලිඇල- විජේරත්න රත්නායක )


මෙරට ගොවීන් සිය අර්තාපල් අස්වනු නෙළන මේ දිනවලද ආනයනික අර්තාපල් තොග වෙළඳපොලට පැමිණීමෙන් දේශීය අර්තාපල් මිළ විශාල ලෙස පහළ බැස ඇති බවත් ඒ තත්වය මත ගොවීන්ට සිදුවන අලාභය වෙනුවෙන් වන්දි ලබාදීමට රජය පියවර නොගන්නේ නම් ඉදිරි යළ කන්නයේ සිට අර්තාපල් වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඉහළ ඌව ගොවි සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එම ගොවි සංවිධානය, විශේෂයෙන් මේ දිනවල මෙරට බහුල වශයෙන් අර්තාපල් වගාකරන වැලිමඩ, නුවරඑළිය, යාපනය ඇතුළු ප්‍රදේශවල අර්තාපල් අස්වනු නෙලන අතර පසුගිය සතිය වන විට කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේද දේශීය අර්තාපල් මිල රුපියල් 50- 70 අතර දෝලනය වූ
                                                                                               
බවත් බීජ අල මිළ ඇතුළු නිෂ්පාදන වියදම සැළකූ විට ගොවියෙකුට අර්තාපල් කිලෝවකින් රුපියල් 30- 50 දක්වා පාඩුවක් සිදුවන බවත් පෙන්වා දෙයි.


මේ අයුරින් දේශීය අර්තාපල් මිල කුණු කොල්ලයට බැස ඇත්තේ අන් කරුණක් නිසා නොව වැලිමඩ, නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවල අර්තාපල් අස්වනු නෙලන කාලයේ පවා රජය විසින් අල ආනයනය කරමින් ගෙන යන ගොවි ජන ද්‍රෝහී ආනයන පිළිවෙත නිසා බවත් පවසන එම ගොවි සංවිධානය, ඉහත තත්වය සම්බන්ධයෙන් නිළධාරී කණ්ඩායමක් යොදවා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසත් එහිදී එම කරුණු සත්‍ය බව තහවුරු වුවහොත් මේ කන්නයේ අර්තාපල් වගාකළ සෑම ගොවියෙකුටම සිදුවූ පාඩුව වෙනුවෙන් සාධාරණ ලෙස වන්දි ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටී.


එසේම අල ගොවියාට සිදුවූ පාඩුව හා අසාධාරණය වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු නොවන්නේ නම් සෙසු ගොවි සංවිධානද සමඟ සාකච්ඡා කොට ඉදිරි යළ කන්නයේ සිට අර්තාපල් වගාවෙන් ඉවත් වීමට ඉහළ ඌව ගොවි සංවිධානයේ සභාපති කරුණාරත්න බස්නායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් රැස්වූ එම ගොවි සංවිධානයේ මධ්‍ය විධායක සභාව තීරණය කළ බවද මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ ඉහළ ඌව ගොවි සංවිධානයේ ලේකම් බණ්ඩාර බාදනගේ මහතා වැඩිදුරටත් පවසයි.

 



අදහස් (2)

අල වගාවෙන් ඉවත්වන බවට ඌව ගොවියෝ අනතුරු අඟවති

ප්‍රියන්ත Saturday, 24 February 2018 11:42 AM

එතකොට ඉතින් රජයෙන් ඉන්දියාවෙන් අල ගෙන්වයි. අල ගොවියට පස් තමා කන්න වෙන්නේ. පසුගිය අවුරුදු 10 - 15 ඔය දේම නේද උනේ? ජනතාව උනාට බෙහෙත් ගන්න හොඳම දොස්තර හොයනවා ළමයට උගන්වන්න හොඳම ගුරුවරයා හොයනවා . නමුත් ඒ ඔක්කොම පාලනය කරන කෙනා හැටියට තෝරන්නේ නුගත් හොරු. මංකොල්ල කාරයෝ , කුඩු වෙළෙන්දෝ

:       0       0

ROSHAN Saturday, 24 February 2018 03:22 PM

ගොවි මහත්වරුනි ඔබලා එකතුවෙලා අස්වැන්න වෙන රටකට පටවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site