IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අලියකුගේ පහරදීමෙන් දෙදරු පියෙක් මරුට

(නිහාල් ජයවීර)

පැලක සිටි ගොවියෙකු වන අලියෙකුගෙන් බේරා ගැනීමට එහි යමින් සිටි දෙදරු පියෙකු එම වල් අලියාගේ පහරදීමකින් අද (10 ) මියගොස් ඇති බව ගල්ගමුව පොලිසිය  පැවසීය.

ගල්ගමුව , නාන්නේරිය , වෑවරණවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එම් .ඒ.බී. ගාමිණි ජයලත් නමැති හතළිස් තුන් හැවිරිදි දෙදරු පියා මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .

මියගිය ගොවි මහතා  ඇතුළු ගොවීන් පිරිසක් හේන් වගාව සිදුකොට ඒ වගාවන් වන සතුන්ගෙන් රැකගැනීම සඳහා රාත්‍රි කාලයේ පැල් රැකීමට යන  බවත් ඊයේ (09) සවස ද එසේ පැල් රැකීමට ගොස් සිටියදී අසල්වැසි ගොවියෙකුගේ හේනකට අද (10)පාන්දර  කඩාවැදුණු වල් අලියෙකු ඒ ගොවි මහතාගේ ගස උඩ පැල කඩා දැමීමට උත්සාහ කරද්දී ඔහු බේරාගැනීමට ගිය අනික් ගොවිමහතුන් අතරින්  ගාමිණී ජයලත් මහතා අලියාගේ පහරදීමෙන් මියගොස් ඇත.

වල් අලියා හේනෙන්  මද දුරක් ඈතට පලවා හරිමින් සිටියදී ආපසු ඔවුන් දෙසට හැරි ඇති අලියා  ඔවුන් දෙසට පන්නා ගෙන විත් මෙම පහරදිම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද   වෙනත් කිසිවකුටත් හානි සිදු වී නැතැයි ද ඒ මහතා කීවේය.

අලියාගේ පහර දීමෙන් බරපතල තුවාල ලැබූ මේ දෙදරු පියා නාන්නේරිය ප්‍රාථමික රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි .

 

 



අදහස් (0)

අලියකුගේ පහරදීමෙන් දෙදරු පියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 241 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site