IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


“අරුවක්කාලු කසළ අංගනයේ වැඩ අවසන් වෙන්නත් කලින් කසළ ගෙනත් දාලා ‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාලු කසළ අංගනයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසළ රැගෙන ඒම ගැන තමන් දැඩි විරෝධය පළකරන බව වනාතවිල්ලුව ප්‍රදේශීය සභාවේ සභාපති එම්. එම්. සමන්ත මුණසිංහ මහතා පැවසීය.

සභාපතිවරයා පවසන්නේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් අරුවක්කාලුව කසළ අංගනය බව පවසමින් සේරක්කුලියේ ඉදි කරමින් පවතින මෙම කසළ අංගනයට දිගින් දිගටම සියලුම දෙනා විරෝධය මතුකරමින් සිටියදී එය නවතා නොදමා මේ වන විට එහි වැඩකටයුතු පවා අවසන් කර නොමැති අවස්ථාවේ පිට පළාත්වල සිට කසළ ගෙනවිත් දැමීම සිදුවන්නේ කසළ රදවනයක සියලුම නීති රීති සහ අණ පනත් උල්ලංඝණය කරමින් බවත් එසේම අදාළ කසල අංගනයේ ඉදිකිරිම් කටයුතු කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිවන බවත් ඔහු චෝදනා කරයි.

අරුවක්කාලු කසළ අංගනයට කුලියාපිටිය නගර සභාවේ සිට ප්‍රථම වරට 26 වැනිදා කසල පිරවු ටිපර් රථයක් පැමිණ තිබූ අවස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එය කසළ අංගනයට රැගෙන යාමට විරෝධය පෑම හේතුවෙන් පසුව වනාතවිල්ලුව පොලිසිය මැදිහත්වී කසල ටිපර් රථය පොලිස් ආරක්ෂාව යටතේ කසළ අංගනය වෙත රැගෙන ගොස් තිබූ බවද ඔහු සඳහන් කළේය.

එසේ රැගෙන ගිය කසළ තොගය ඉදිකරමින් පවතින අංගනයේ දමා ගොස් තිබූ බවද ඔහු කීය.

මේ පිළිබදව අදහස් දක්වමින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුද්ධික ගිහාන් මහතා මෙසේ පැවැසීය.

“මේ වන විට අපි විරෝධය නගමින් චෝදනා කරපු එවා ඔප්පු වෙමින් පවතිනවා. මොකද කසළ අංගනයේ කටයුතු තවමත් අවසන් නොමැති අවස්ථාවක පිට පළාත් වලින් කසල රැගෙන එම බරපතල ප්‍රශ්නයක්.

අනික එසේ රැගෙන ආ කසළවල පොලිතින් ඇතුළු දිරන නොදිර සියල්ලම එකට අරන් ඇවිත් තිබුණේ. මෙය අපි නගපු චෝදනා සනාථ කර තිබෙනවා. සභාපතිතුමා එයට විරෝධය පෑම නිසා එම කසල තොගය පස් දමා වසා තිබෙනවා.

මෙයද කසල ප්‍රතිචක්‍රිකරනය කියලා අපි ප්‍රශ්න කරනවා. බලධාරීන්ට අපේ ජීවිත මිනිසුන්ගේ ජීවිත හා මේ පරිසරය ගැන තුට්ටුවකවත් අවධානයක් නැති බව තමයි අපිට දැන් පෙනෙන්නේ.

මේ ආකාරයට කසල රැගෙන එම සිදුවුවහොත් ඒ සඳහා අපි ඉඩ දෙන්නේ නැහැ . නීත්‍යානුකූලව අපි කටයුතු කරනවා යැයි ඔහු පැවසීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් වනාතවිල්ලුව මිසම භාර ක්‍රිස්ටි පෙරේරා පියතුමන් ද මේසේ පැවසීය.

      “මෙය බරපතලම තත්වයක් අපි නගපු චෝදනා වලට මේ පළමුවෙන් ගෙනාපු කසල ටිපර් එක සාක්ෂී දරනවා. තවමත් ඉදි කිරීම් අවසන් නැති කසල අංගනයකට මෙසේ කසල රැගෙන එම තුලින්ම එහි අසාර්ථකකම පෙන්වා තිබෙනවා.‘‘



අදහස් (0)

“අරුවක්කාලු කසළ අංගනයේ වැඩ අවසන් වෙන්නත් කලින් කසළ ගෙනත් දාලා ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site