(ඉන්දික අරුණ කුමාර)
පාපිසි හා රෙදි ආශ්‍රිත ගෘහ අලංකරණ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේ දී ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇතැයි නාඋල පාපිසි නිෂ්පාදනයෙහි නිරත කාන්තාවෝ කියාසිටිති.
මහනුවර වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලින් කැපුම් රෙදි මිලදී ගතයුතු බවත්, සෙසු නගරවල පවතින රෙදි අධික මිල ගණන් යටතේ අලෙවි වන බවත් ඔවුහු කියති. ප්‍රවාහන ගාස්තු සහ රෙදි මිලදීගැනීමට වැය වූ මුදල සැලකීමේදී නිෂ්පාදන අලෙවි කර ගැනීමෙන් ලැබෙන ලාභය ඉතා අඩු මුදලක් බව ද එම කාන්තාවෝ පවසති.
මැහුම් සඳහා වැයවන විදුලිය හා ශ්‍රමය වෙනුවෙන් හෝ ලාභයක් නොමැතිව, නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් එවැනි නිෂ්පාදන ආශ්‍රිතව 100කට ආසන්න කාන්තා පිරිසික් සිටිති.
මාතලේ හා දඹුල්ල නගරවලින් පහසු මිලට සිය නිෂ්පාදන අමුද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සලසන්නේ නම් මැහුම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව කාන්තාවෝ පවසති.
නිසිපරිදි අමුද්‍රව්‍ය පවතින්නේ නම් සිය නිෂ්පාදන ක්‍රියාවලිය ඉළ නැංවීම සඳහා එය පිටිවහලක් වන බව ඔවුහු කියාසිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අමුද්‍රව්‍ය මිල අධික වීමෙන් නාඋල පාපිසි නිෂ්පාදනයට බැට