(අතුල බණ්ඩාර)
කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතින නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සති පොළ තාවකාලිකව නතර කිරීමට පියවරගන්නැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ඉල්ලීමක් කළේය.
සති පොළවෙත බොහෝ පිරිස් පැමිණෙන නිසා කොරෝනා වයිරසය අසාදයන වූ අයෙක් හෝ කීපදෙනකු සිටියහොත් බොහො පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බව ද වෛද්‍යවරයා කියා සිටියි.
COMMENTS
රට පුරාම කඩ සාප්පු ආපනශාලා සුපර් මාර්කට්, පාසල් ආදී කී නොකී සියළුම ආයතන විවෘතව, සහ රිසිසේ ගමනා ගමනය කිරීමට ප්‍රවාහන පහසු කම්ද දී වසංගතය උත්සන්න වුණායින් පසු මහජනයාට දොස් කීමෙන් ඵලක් තිබේද..? ඒ ඒ විෂය භාර ඉහළ නිලධාරීන් තමන්ට අයත් කොටස, තවත් අනසකට නොනැමී, නොපිරිහෙලා කරන්නේ නම් මෙතරම් කරදර ඇති නෙවෙන්නත් තිබුණා..