IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අනවසර මත්පැන් තොගයක් අල්ලයි

(තලවකැලේ - ශාන්ත චන්ද්‍රසිරි)


සුරාසැල් වසා තැබෙන වෙසක් පෝය දිනවල වැඩි මිලට අළෙවි කිරීමට නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබු මත්පැන් තොගයක් ලිඳුල, නෝනාවත්ත ප්‍රදේශයේදි අද (28) තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අරක්කු බෝතල් 48 ක් හා බියර් ටින් 24 ක් මෙසේ ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා පැවසීය.


වෙසක් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා තැබෙන හෙට (29) හා අනිද්දා (30) යන දිනවලදී හොර රහසේ මෙම මත්පැන් බෝතල් ඉතා ඉහළ මිල ගණන් යටතේ විකිණීම සඳහා රැගෙන යමින් සිටි බවද ඒ මහතා පැවැසීය.


එක් සැකකරුවෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් ප්‍රවාහනය කරන ලද ත්‍රී රෝද රථය හා මත්පැන් තොගය නීතිමය කටයුතු සිදු කිරීම සඳහා ලිඳුල පොලීසියට බාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.


මහනුවර කලාප භාර අණදෙන නිලධාරී, සහකාර පොලිස් අධිකාරී අසිත රණසුරීය මහතාගේ උපදෙස් අනුව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර, පොලිස් පරීක්ෂක වීරක්කොඩි, පොලිස් පරීක්ෂක රණසිංහ, පොලිස් කොස්තාපල් 8895 රණසිංහ, 83313 අජිත් සහ පොලිස් රියදුරු 13937 මනම්පේරී යන නිලධාරී මහතුන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.



අදහස් (2)

අනවසර මත්පැන් තොගයක් අල්ලයි

de silva Saturday, 28 April 2018 05:57 PM

ඔය නීති තද කරන්න තද කරන්න වාසි ගන්නේ ජාවාරම් කාරයෝ

:       0       0

sam Saturday, 28 April 2018 09:54 PM

ඉතාම මෑතකදී සුරා බදු ආඥා පනත යටතේ පොලිසියට මත්පැන් සම්බන්ධ නඩු පැවරීමේ බලයක් නොමැති බව ඔප්පු වී චුදිතයන් නිදහස් කරන්න සිදු වුනා නේද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site