IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


අනවසරෙන් මැණික් ගැරූ 8ක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)        
                
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායේ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයන් අටදෙනෙකු සැකපිට අද (07) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
 
එහි අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු සහ බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් ලොයිනොල් වතුයායේ රාණිකාඩු කොටසේ  කෙසෙල්ගමුඔය අසළ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මොවුන් තේ පඳුරු ගලවා විශාල පරිසර හානියක් කරමින් මැණික් ගරමින් සිට ඇත.
 
අත්අඩංගුවට ගත්  සැකකරුවන් එම වතුයායේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇත.
 
සැකකරුවන් මේ මාසයේ 11 වෙනි දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

අනවසරෙන් මැණික් ගැරූ 8ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32321 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14829 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site