(රොෂාන් දිලිප් කුමාර)
දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව-අන්දරවැව කොටසේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති ස්ථානයක අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කොට ඇත.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (13) රාත්‍රී 8.30ට පමණය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුංගම ප්‍රදේශයේ පදිංචි නිමන්ත ප්‍රනාන්දු නැමති 31 හැවිරිදි පුද්ගලයෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කුට්ටි යොදා මාර්ගය වසා ඇති මෙම ස්ථානයේ නිතරම අනතුරු සිදුවන බවත්, අධිවේගී මාර්ගයේ බලධාරීන් මාර්ගයට ඇතුල්වීම තහනම් කිරීම හෝ මෙවැනි ස්ථානවල බාධක සංඥා යොදා දැනුවත් වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවටත්, ප්‍රදේශවාසීහු චෝදනා කරති.
සිද්ධිය සම්බන්දව සූරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අධිවේගී මාර්ගයේ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට