(එෆ්. අස්ලම්)
දින තුනකට පෙර අතුරුදහන් වූ පාසල් සිසුවියකගේ මළසිරුරක් කන්දකැටිය ලොග්ගල්ඔය ජලාශයට ජලය රැගෙන එන ප්‍රධාන ඇළ මාර්ගයේ තිබියදී අද(16) සොයාගන ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බදුල්ල මැදපතන පදිංචි ලක්ෂිකා මධුවන්ති නැමති 19 හැවිරිදි පාසල් සිසුවියකි.
පසුගිය 14 වනදා උදෑසන අමතර පන්තියකට සහභාගී වීමට යැයි කියමින් නිවෙසින් පිටව ගිය දැරිය රාත්‍රිය වනතෙක්ම නොපැමිණීම හේතුවෙන් ඇයගේ පියා බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.
ඊයේ(15) සවස මෙම සිසුවියගේ යැයි කියන පාසල් පොත් සහ පාවහන් ලොග්ගල් ඔය ආරම්භ වන ස්ථානයට යාබද වන ප්‍රදේශයේ තිබියදී හමුවී තිබිණි.
ඒ අනුව කන්දකැටිය පොලිසිය හා ගම්වාසීන් එක්ව ලොග්ගල් ඔය ජලාශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. ජලාශයට ජලය සැපයෙන ප්‍රධාන ඇළ මාර්ගයේ සිරවී තිබූ දැරියගේ සිරුර හමුවිය.
පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල පළාත් මහ රෝහලේදී සිදුකිරීමට නියමිතය.
මෙය සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අතුරුදන් වූ සිසුවියකගේ සිරුර ලොග්ගල්ලාඔය ජලාශයෙන් හමුවේ