(නිශාන්ත කුමාර)
‘අක්කාවළ’ නැමැති ස්ථානයේදී බදුලු ඔයට වැටී සැඬ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුර අද(14) බෝලියද්ද ගොවිපළගම අත්වැල්පාලම පහළ බදුලු ඔයේ පාවෙමින් තිබියදී ගොඩ ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ තල්දෙන බෝලියද්ද වත්තේගෙදර අංක 11 පදිංචි ඩී. එම්. චන්ද්‍රාවතී නමැති 47 හැවිරිදි එක් දරු මවකගේ මළ සිරුරකි.
මෙම කාන්තාව ඊයේ (13) සවස ඔයට වැටී අතුරුදන්ව සිටි අතර, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමකදී සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටරයක් පමණ පහළින් වූ ඔයේ වතුර වළක තිබී ඇයගේ සිරුර හමුවී ඇත.
ගොඩගත් මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද (14) බදුල්ල අධීකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘අක්කාවළේ’දී බදුලුඔයට වැටුණු කතගේ සිරුර හමුවේ