(බිඟුන් මේනක ගමගේ)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණෙන් පැරැණි සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීමට ගියහොත් කාන්තා නියෝජනය වැඩි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අර්බුදයට යනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ( සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
පැරැණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් හය දෙනෙකු පමණ සිය මනාපය පළ කර ඇති නමුත් එමගින් කාන්තා නියෝජන ප්‍රතිපත්තියට අත්වන ඉරණම ගැන තීරණයක් ගෙන නැතැයි ද ගජනායක මහතා කීය.
මනාප ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ අන්තර්ගත කාන්තා නියෝජනය අහෝසි වන්නේදැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පක්ෂ නායකයින් වෙත දැනටමත් ලිපියක් යොමු කර ඇතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමය වෙනස් කළ ද නොකළ ද මැතිවරණ පැවැත්වීමට ගතවන කාලයෙහි වෙනසක් නොවන්නේ යැයි ද පරණ ක්‍රමයට යන්නේ නම් පවතින ක්‍රමය අවලංගු කරන බවට හා අලුතින් යම් ක්‍රමයක් අනුගමනය කරන බවට වෙන වෙනම පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමානුපාතික ක්‍රමය අනුගමනය කළොත් කාන්තා නියෝජනය අර්බුදයක