IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


රට ගොඩනැංවීමේ ව්‍යායාමයට සියළු දේශපාලන පක්‍ෂ සහභාගී කර ගැනීම අරමුණයි

(අංජුල මහික වීරරත්න)
 
ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
 
ප්‍රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙස යැයිද කිරිඇල්ල මහතා ඉල්ලා සිටි.

මේ සන්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කරයි.

සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියළු පාර්ශවයන් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියළු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමඟ එක්විය හැකි ය.

ජාතික ආණ්ඩුව පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව ය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි. 
 



අදහස් (0)

රට ගොඩනැංවීමේ ව්‍යායාමයට සියළු දේශපාලන පක්‍ෂ සහභාගී කර ගැනීම අරමුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site