IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘රාජපක්ෂ කාලයේ සිදුවූ දූෂණ ගැන සෙවිය යුතුයි’

(අංජුල මහික වීරරත්න)    
                               
2015 වසරේ සිට 2018 දක්වා සිදුවූ දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ඔක්තෝබර් මස 26 දින සිට දින 51 කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරය දැරූ කාලයේ වූ දූෂණ පිළිබඳව ද සෙවිය යුතු බව උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.  
                                             
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් 26 තෙක් මෙන් ම දින 51ක කාලයේත්, අදත් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින් කොමිසමට පූර්ණ සහය දීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.     
                    
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(24) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරීමේ හමුවේදීය. 
                           
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගලයට සහභාගීවීම සඳහා මැදමුලනය යාමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සමඟ අදහස් හුවමාරු කර ගනු ලැබීය. හිටපු ජනාධිපති පුතුගේ විවාහ මංගල්‍යයට අග්‍රාමාත්‍යවරයා සමඟ මුදල් ඇමති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමානාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති කබීර් හෂීම්, වරාය හා නාවුක කටයුතු ඇමති සාගල රත්නායක යන මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (0)

‘රාජපක්ෂ කාලයේ සිදුවූ දූෂණ ගැන සෙවිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site