(නිමල කොඩිතුවක්කු)
වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිකිරීම් හෝ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවට ඒවා පිළිබඳ ආකර්ෂණීය ප‍්‍රචාරක පුවරු පමණක් සවි කරමින් සිටින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (18) පැවැසීය.
ගතවූ වසර හතරක කාලය තුළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය සිදුකර ඇත්තේ විදේශිකයන්ට මේ රටේ දේපල අයිතිකර ගැනීමට අවසරය දීම පමණක් යැයිද නානායක්කාර මහතා සඳහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
‘‘ ඇමරිකානු යුද්ධ හමුදා ගුවන්යානා ලංකාවට ඇවිත් බඩු බානවා. ඒවා මොනවද කියලා කටවත් පරීක්ෂා කරන්න බැහැ. ඒ බඩු යුද නෞකා වලට පටවනවා.මේක සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව අත්සන් කරපු අළුත්ම ගිවිසුමක් යටතේයි.
මේක රහස්‍ය ලේඛනයක්. මේක මගේ අතට පත්වුනේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. මේ ගිවිසුම මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අගමැතිතුමා මේ ගැන ප‍්‍රකාශයක් කරන්නම් කිව්වා. මම බලාපොරොත්තුවෙනවා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහු ප‍්‍රකාශයක් කරාවි කියලා.
ඉදිරියේදී බරපතල ඹෟෂධ හිඟයක් ඇතිවෙනවා. මේ පිළිබඳ රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ දින 51 ආණ්ඩුවේ අකර්මන්‍ය තාවය නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මම කිව්වා කරුණු සහිතව ඒක ඔප්පු කරන්න කියලා. ඒ ගැනත් රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කරයි කියලා මම බලාපෙරොත්තු වෙනවා.
මේ ඖෂධ ඇනවුම් කිරීම සඳහා වන අත්තිකාරම් ගෙවීම් වලට භාණ්ඩාගාරය එකවර මුදල් නිකුත් නොකිරීම මෙයට හේතු වී තිබෙනවා. දැන් මේ ඖෂධ ඇනවුම් කරන්න තවත් කාලයක් ගතවෙනවා.
රජය වී මිලදී ගැනීමට සූදානම් බව කියා සිටිමින් ඒ සඳහා මිලක් නියම කරලා තියෙනවා. නමුත් වී මිලදී ගැනීම මෙතෙක් ආරම්භ කරලා නැහැ. මේ වී අඩුමිලට ගෙන මෝල් හිමියන් තොග පාලනය කරමින් ඔවුන්ම මිල තීරණය කරනවා. මේකෙන් අන්තිමට ගොවියටත් හානියක් වෙනවා, පාරිභෝගිකයටත් හානියක් වෙනවා. මේ ආණ්ඩුවේ තියෙන්නේ බල්ලට ගිය පාලනයක් විතරයි.
ඉදිකිරීම් හෝ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවට ඒවා පිළිබඳ ආකර්ෂණීය ප‍්‍රචාරක පුවරු පමණක් සවි කරනවා. මාලබේ සිට පිටකොටුව දක්වා උඩින් දුම්රියක් දැන් එනවා වගේ බෝඞ් එකෙන් පෙන්වනවා. හැබැයි වැඩ නැහැ.
මේකේ කප්පිත්තා තමයි අගමැතිවරයා. අගමැතිවරයා කියනවා එතුමා හිටියොත් තව අවුරුදු 10කින් සියල්ලක්ම කරනවා. දැනට කරලා තියෙන්නේ විදේශිකයන්ට මේ රටේ දේපල අයිතිකර ගැනීමට අවසරය දීම පමණයි.
සිංගප්පූරු ගිවිසුම පිළිබඳ අපි පාර්ලිමේන්තු විවාදයක් ගන්න යනවා.අපි මේ ගිවිසුම ගැන සැබෑ තොරතුරු එහිදී හෙළි කරනවා. ඒ විවාදය අවසන් වනවිට මලික් සමරවික‍්‍රමට ඉල්ලා අස්වෙන්න වෙනවා’’ යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යහපාලන ආණ්ඩුවේ ප්‍රචාරක පුවරු විතරයි