IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘‘මානව හිමිකම් සැසිවාරයේදී රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන වාර්ෂික සැසිවාරයයේදී රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනි සිටිමින් රටට එරෙහි සියලු යෝජනා පරාජයට පත්කිරීමට කැපවෙන බවත් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා කොළඹදී අද (30) පැවැසීය.

මේ සඳහා ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු සියලුම පාර්ශ්ව වල සහයෝගය අපේක්ෂා කරන බවද කීර්තිරත්න මහතා සඳහන් කළේය.

ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂනායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත කීර්තිරත්න මහතා මෙසේද කීය.

       ‘‘ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය විදියට අපි වසර ගණනාවක් තිස්සේ මානව හිමිකම් කාර්යාලය තුළ අපේ මාතෘභූමිය වෙනුවෙන්  බෙදුම්වාදී ඩයස්පෝරාව කරන චෝදනා වලට පෙනී සිටියා.

වසර කිහිපයකට පෙර වර්තමාන රජයේ විදේශ අමාත්‍යවරයා සම අනුග‍්‍රහකත්වය දක්වලා තිහයි එක යෝජනාව  ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් මානව හිමිකම්  කාර්යාලය තුළ සම්මත කළා. අද එහි අනිසි විපාක අපි භුක්ති විඳිමින් සිටිනවා.  

අපේ මාතෘභූමියට තියෙන බලපෑම සම්බන්ධව සාකච්ඡා කිරීමට ඉදිරියේදී අපි ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා  සම්බන්ධ වෙන්නත් අවස්ථාව  ඉල්ලලා තියෙනවා.

අපේ  අත්දැකීම්වල හැටියට මානව හිමිකම්  කාර්යාලය තුළ තිහයි  එක යොජනාව එක්කම මේ රට තුළ ඇතිවෙලා තියෙන සිද්ධි  දාමයට  සංවිධානයක් හැටියටත් මේ රටේ පුරවැසියන් හැටියටත් අපේ විරෝධතාවය  දක්වනවා. ඒ වගේම අවශ්‍ය සෑම අවස්ථාවකදීම මානව හිමිකම් කාර්යාලය  තුළ රට වෙනුවෙන්  අපේ කාර්ය ඉටු කිරීමට අපි බැඳීලා ඉන්නවා.

අපි 40 වන මානව හිමිකම් සැසිය පිළිබඳ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ  සාකච්ඡා කළා. එහිදී අපි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා එතුමන්ට තියෙන සම්බන්ධතා සහ  එතුමාගේ  විපක්ෂනායක  ධූරය භාවිතා කරමින් තිහයි  එක යෝජනාව අහෝසි කරන්න කටයුතු කරන්න කියලා. ඒකට සිවිල් සංවිධාන විදියට අපේ සහයෝගය අපි දෙන්න සූදානම්.

තිහයි එක යෝජනකාවට අනුව ඒවා  ඉටුකිරීමට ඔවුන් කාළ සීමාවක්  අපිට ලබාදීලා තියෙනවා. 40 වන  මානව හිමිකම් සැසිය ලබන මාර්තු මාසයේදී ආරම්භ වෙනවා. රණවිරුවන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරමින්  මේ යෝජනාවේ ඇති රටේ විවිධ  ජාතීන් අතර අර්බුද නිර්මාණ කරන පසුබිම ඉවත් කරගැනීමට අපි බලපෑම් කරනවා‘‘ යැයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදයේ නියෝජිතයන් වන ඉන්දික  ගුණසේකර, ලක්ෂ්මන්  දලවැල්ල, සුනිල් ශාන්ත,  දුෂාන්ති හපුගොඩ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාව සඳහා එක්වූහ.

 

 



අදහස් (0)

‘‘මානව හිමිකම් සැසිවාරයේදී රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site