(ඩයනා උදයංගනී)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සුදුසු අවස්ථාවේදී ජනපති සමාව හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකඟ බව කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ අවධානය ද ඒ කෙරෙහි යොමු වී ඇතැයි සඳහන් කළේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 4 වැනිදා ජනාධිපති සමාව හිමිවේවිද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ලෙස ඉල්ලා සිටින බව කී මන්ත‍්‍රීවරයා පෙබරවාරි 4 වැනිදාම එය වේවිද යන්න කිව නොහැකි බව ද කීවේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඥානසාර හිමියන්ට සුදුසු අවස්ථාවේදී සමාව හිමිවෙයි - ශාන්ත බණ්ඩාර