IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘ජාති භේදයකින් තොරව රට සංවර්ධනයට පියවර ගන්නවා‘

 (නිමල කොඩිතුවක්කු)

ජාති භේදයකින් තොරව රටේ සියලූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බව විශේෂ ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී. රාධ ක‍්‍රිෂ්ණන් මහතා කොළඹදී  පැවැසීය.

මෙරට ජනතාවගේ ජීවන තත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික සැළසුම් ප‍්‍රාදේශීය මට්ටමින්  සකස් කර ඒ මගින් රට දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

කොල්ලූපිටියේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වී. රාධ ක‍්‍රිෂ්ණන් මහතා  මෙසේද කීවේය.

   ‘‘නව අමාත්‍යධුරයක් මට ලැබිලා තියෙනවා. ඒ අභියෝගය බාර ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට මම කැපවෙනවා. මම පාර්ලිමේන්තුවට එවීම සදහා දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් මට විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒ නිසා ජාති භේදයකින් තොරව මේ සියලූ දෙනාටම සේවය කිරීමට මම කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයක් මගින් ආර්ථික වශයෙන් රට ගොඩනැගීම සදහා අපි සැළසුම් සකස් කර තිබෙනවා. මේ නව තනතුරත් සමග රට මුහුණ දී තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනිම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනිමටත් මම කැපවෙනවා. 

දැන් නව ව්‍යවස්තාව සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙනවා. මේ රජය බළයට පත්වෙනවිට ජනතාවට ඡන්ද පොරොන්දුවක් දීලා තියෙනවා අලූත් ව්‍යවස්ථාවක් මගින් සුලූ ජනතාවගේ ප‍්‍රශ්ණ විසදනවා කියලා.  ඒ නිසා නව ව්‍යවස්තාව මගින් ජනතා ප‍්‍රශ්ණ විසදීමට ආන්ඩුව කටයුතු නොකළොත් සුලූ ජාතීන්ගේ සහයෝගය මේ ආණ්ඩුවට අහිමිවේවි.

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දෙනවා කියළා අපි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ වගේම රට බෙදන්නේ නැහැ කියලා. එහෙම කියද්දි මේ අය බොරු ප‍්‍රචාර ගෙනියනවා.

ආණ්ඩුව මොන මොන දේ ගෙනාවත් රටට එරෙහි පිරිස් එයට විරුද්ධ වෙනවා. ඒ අයට අවශ්‍ය ජාතිවාදය අවුස්සලා ඒ තුලින් බළයට පත්වීමටයි. ඒ නිසා ආණ්ඩුව රට ගැන සිතා කටයුතු කල යුතුයි. ඒ සදහා අපි  ඕනෑම සහයෝගයක් ලබාදෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘ජාති භේදයකින් තොරව රට සංවර්ධනයට පියවර ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site