(නිමල කොඩිතුවක්කු)
ඩීසල් සහ පෙට‍්‍රල් වාහන වලින් ජනවාරි 1 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් අයකිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා පැවසීය.
වායු විමෝචනය සම්බන්ධයෙන් දුම් සහතිකයක් අයකිරීමේදී කාබන් බද්දක් අය කිරිම ප‍්‍රයෝගික නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (15) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
බස්රථ ඇතුළු වාහනවල කාල සීමාව අනුව මෙම බද්ද අයකිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කලේ කාබන් බද්දක් අය කරන්නේ නම් ඉන්ධන දහනය වන ආකාරය අනුව එම බද්ද අයකළ යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd