(බිඟුන් මේනක ගමගේ)
අපොස උසස් පෙළ විභාගයේ අතිරේක ශාලාධිපති හා ඇතැම් විෂයන්ගේ උත්තර පත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා අවසන් කර නැතැයි ද ඒවා කඩිනමින් ගෙවන්නැයි ද ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලිපියක් යොමු කර ඇත.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර උත්තර පත්‍ර නැවත සමීක්ෂණ කටයුතු ද ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම ගෙවීම් පමා කිරීමෙන් එම ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
ගෙවීම් පමා කිරීම නිසා ගුරුවරුන් කණස්සල්ලෙන් සිටින තත්ත්වයකදී විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී පවත්වන ජාතික ඇගයීම් ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් ඇතිවීම නොවැලැක්විය හැකි යැයි ද ලංකා ගුරු සේවා සංගමය සිය ලිපිය මගින් විභාග කොමසාරිස්වරයාට අවධාරණය කර ඇත.
මෙම තත්ත්වයට දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද එමනිසා පමා කර ඇති සියලු ගෙවීම් වහා ගෙවා ඉදිරි ඇගයීම් ගාස්තු ඉහළ නන්වා වඩා කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නෑ - ලංකා ගුරු සේවා සංගමය